නවතම පුවත්

බ්‍රසීලයේ කොරෝනා මරණ 60,000 ක් ඉක්මවයි ආසාදියන් ලක්ෂ 14 පසුකරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බ්‍රසීලය ලතින් ඇමෙරිකානු කලාපයේ නව කොරෝනා මරණ වැඩිම ප්‍රමාණයක් වාර්තා කරන රට බවට පත්ව තිබේ.

ගෙවීගිය බදාදා දිනයේදී කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 60,000ක් ඉක්මවා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගෙවීගිය දිනයේදී අමාත්‍යංශය විසින් නව කොරෝනා මරණ 1,038ක් වාර්තා කළ අතර,

දත්ත වාර්තා වලට අනුව මේ වනවිට එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 60,632ක් වශයෙනි.

මේ අතර බ්‍රසීලය බදාදා අලුතින් තහවුරු කළ ආසාදිතයන් සංඛ්‍යාව 46,712ක් වන අතර,

එය දෛනිකව වාර්තා වූ ඉතා සැලකිය යුතු වැඩිවීමකි. නමුත් එය බ්‍රසීලයේ වැඩිම දෛනික ආසාදිත ප්‍රමාණයේ වාර්තාවක් නොවන්නේ,

පසුගිය ජුනි 19දා අමාත්‍යාංශය විසින් නව ආසාදිතයන් 54,771ක් වාර්තා කර තිබූ

මේ වනවිට බ්‍රසීලයේ සමස්ත කොරෝනා ආසාදිතයන් අගය දැක්වෙන්නේ 1,448,753ක් ලෙසිනි. එම සංඛ්‍යාව දෙවැනි වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට පමණි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි