නවතම පුවත්

මියන්මාරයේ ජේඩ් පතලක කඩාවැටෙයි – මළසිරුරු 113ක් ගොඩ ගනී

අසංක

අසංක

මියන්මාරයේ ජේඩ් නමැති ඛනිජ පතලක් නායයෑමෙන් අවම වශයෙන් 113 ක් මියගොස් ඇතැයි එරට වාර්තා පවසයි.

අධික වර්ෂාව හේතුවෙන් පතල් කම්කරුවන් ‘මඩ රැල්ලකට හසුවී’ ඇතැයි බලධාරීහු පවසති.

අධික වර්ෂාපතනයකින් පසු කචින් ප්‍රාන්තයේ ජේඩ් ඛනිජ නිධි බහුලව පවතින හපකාන්ත් ප්‍රදේශයේදී අද අලුයම මෙම සිදුවීම සිදුව ඇත.

මේ වන විට මළ සිරුරු 113 ක් සොයාගෙන තිබේ.

ෆේස්බුක් පිටුවේ පළ කර ඇති ඡායාරූප වලින් දැක්වෙන්නේ සෙවුම් සහ ගලවා ගැනීමේ කණ්ඩායමක් මිටියාවතක් හරහා ගමන් කරමින් සිටින බවයි.

“දැන් අපි සිරුරු 100 කට වැඩි ප්‍රමාණයක් සොයා ගත්තා” යැයි තොරතුරු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය නිලධාරියෙකු වන ටාර් ලින් මාං රොයිටර් පුවත් සේවයට දුරකථනයෙන් පැවසීය. “අනෙක් සිරුරු මඩ තුළ තිබෙන බැවින් මියගිය සංඛ්‍යාව ඉහළ යාවි”

උතුරු මියන්මාරයේ මාරාන්තික නායයෑම් බහුලව දක්නට ලැබෙන්නේ දුර්වල ලෙස නියාමනය කරන ලද හපකන්ත් හි පතල්වල ය.

“විනාඩියක් ඇතුළත, කන්ද පාමුල (කඳුකරයේ) සිටි සියලු දෙනා අතුරුදහන් විය…” ඇසින් දුටුවෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය. “තවමත් මගේ ඇස්වල කඳුලු… උදව් ඉල්ලා කෑගසමින් මිනිසුන් මඩේ සිරවී සිටියද කිසිවෙකුට ඔවුන්ට උදව් කළ නොහැකි වුණා.” යැයි ද ඔහු කීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා