නවතම පුවත්

අමෙරිකාවේ අලුතෙන් පත්වූ ‘එළු නගරාධිපති’

අසංක

අසංක

අමෙරිකාවේ වර්මොන්ට් ප්‍රාන්තයේ ෆෙයාර් හෙවන් කුඩා නගරයේ නව නගරාධිපතිවරයා ලෙස තෝරාගෙන ඇත්තේ ලින්කොලින් නමැති 3 හැවිරිදි එළුවෙකි.

ගැහැණු එළුවකු වන ලින්කොලින් මෙවර ජයග්‍රහණය කළේ බල්ලන් සහ පූසන් 15 දෙනකු පරාජය කරමිනි.

ලින්කොලින්ගේ ධුර කාලය වසරකි.

ඇය සියලුම මහජන හමුවීම් සදහා සහභාගි විය යුතු අතර නගරාධිපතිනිය ලෙස අදහස් දැක්වීමට ඇයට අවස්ථාව නොලැබේ.

‘අප මුලින්ම මේ අදහස ක්‍රියාත්මක කරන්න හිතුවේ මේ ප්‍රදේශයේ පාසලේ ක්‍රීඩාංගනය හදන්න අවශ්‍ය මුදල් ලබාගැනීම සදහා අරමුදලක් ලෙසයි. ඒත් දැන් අපිට දැනෙනවා මේක නිසා අපගේ දූ දරුවන්ට සතුන් ගැන ඇති වී තිබෙන ගෞරවය. එය මානව දයාව උපදවන්නක්. කෙසේවෙතත් වාර්ෂිකව මෙලෙස සුරතලුන් නගරාධිපති ධුරය සදහා තෝරාපත් කරගැනීම සිදුකෙරෙනවා. මුලින් මේකට ඉදිරිපත් වූ සුරතලුන් සීමිත වුවත් දැන් ඕනෑම කෙනෙකුට තම සුරතලාව නගරාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීමට හැකියි. ඊට දැන් ඇත්තේ දැඩි උනන්දුවක්’ යැයි නගර කළමනාකරැ ජෝයි ගන්ටර් පවසයි.

එම නගරයේ 2500ක් පමණ වන ජනතාව සත්ව සුරතලුන් වන නගරාධිපතිවරුන්ගේ යටතේ වාසය කරනු ලබයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා