දම්පත් රණසිංහ
.ගන්ධර ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පතිවරයෙක් 6 ශ්‍රෙණියේ ළමයකු ඇතුළත් කරගැනීමට රුපියල් 15,000ක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර විදුහල්පතිවරයා විසින් අල්ලස් මුදලින් රුපියල් 7,000ක් පසුගිය 10 වැනිදා ගෙන තිබූ අතර ඉතිරි මුදල් අද විදුහල්පති කාර්යාලයේදී ගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස මේ වසර තුළදී අල්ලස් ගනිමින් සිටියදී අත්අඩංගුවට ගත් දෙවැනි විදුහල්පතිවරයා මොහුය.