නවතම පුවත්

‘මැරින් හෝප්’ – හම්බන්තොට වරායට මෙතෙක් පැමිණි විශාලතම නෞකාව

අසංක

අසංක

මාෂල් දූපත් ජනරජයට අයත් ‘මැරීන් හෝප්’ නැමැති බොරතෙල් නෞකාව අලුත්වැඩියා කටයුතු සඳහා මෑතකදි හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත පැමිණියේය.

ටොන් 159,962 සමස්ත අභ්‍යන්තර පරිමාවකින් යුත් මීටර් 333ක් දිග නෞකාව, හම්බන්තොට වරායේ මෙතෙක් නැංගුරම් ලෑ විශාලතම යාත්‍රාවයි.

පාවෙන යාත්‍රාවන් පිළිසකර කිරීම් සඳහා වරාය සමඟ සහයෝගී හවුල්කාරිත්වයක් ඇති කොළඹ ඩොක්යාර්ඩ් සමාගම (CDL) විසින් මැරින් හෝප් නෞකාවේ අළුත්වැඩියා කටයුතු සිදු කරන ලදි.

අළුත්වැඩියා සේවා සැපයීමේ වරාය සතු හැකියාව හඳුනාගෙන ඇති කොළඹ ඩොක්යාර්ඩ් සමාගම, වරාය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීමටත් නෞකා ගෙන්වීමටත් ප්‍රබල ලෙස උපකාරී වි ඇත.

මෙම සහයෝගිතාවය තුලින් පාර්ශව ද්විත්වයටම වාසිදායක ලෙස තවත් මෙවන් සුවිශාල යාත්‍රා අනාගතයේ දී හම්බන්තොට වරාය වෙත ගෙන ඒමට අපේක්ෂා කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්