නවතම පුවත්

තැපැල් ඡන්දෙ දෙන්න ලබන 24-25 දිනවල විශේෂ කාලසීමාවක්

අසංක

අසංක

ඉදිරි මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී 20 සහ 21 දිනවල ඒ ඒ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ අයට ඒ සඳහා ලබන 24 සහ 25  යන දිනවලදී විශේෂ කාල සීමාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුවතැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වූ විශේෂ කාලසීමාව ලබන 24 පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා ද ලබන 25 වැනි දා පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා ද ප්‍රකාශයට පත්කර ඇත .

මෙතෙක් සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට අපොහොසත් වූ තැපැල් ඡන්ද හිමියන්ට තම කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී මෙම පහසුකම සලසා ගත හැකි බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පැකට්ටු මේ දක්වා තමන්ගේ භාරයේ රඳවා ඇති තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් ඇතොත් කඩිනමින් එම පැකට්ටු රැගෙන ගොස් සහතික කිරීමේ නිළධාරි කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලබන 23 වැනි දින හෝ එදිනට පෙර භාරදීමට කටයුතු කරන ලෙසද කොමිසම දන්වා සිටී.

ලබන 24 සහ 25 යන දිනවල තැපැල් ඡන්ද විමසීම සඳහා ඡන්ද පොළේ දී පිළිගන්නා හැඳුනුම්පත් (ජාතික හැඳුනුම්පත, වලංගු ගුවන් ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් වන රාජකාරි රාජකාරී හැඳුනුම්පත, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත) ඉදිරිපත් කර ඡන්ද දායකයා තම අනන්‍යතාව තහවුරු කළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සිහිපත් කර සිටී.

Covid India
ඉරානය ගැන ඉන්දියාවේ ප්‍රකාශය මෙන්න !
ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය ISIS ත්‍රස්තයින් ගැන තොරතුරු රැසක් හෙළිවේ !
inflat
ජාතික උද්ධමනයේ සුළු වැඩිවීමක් !
image-4
ඉන්දීයාවේ ප්‍රමුඛතම මාධ්‍යවේදීන් කණ්ඩායමක් දිවයිනට ! 
CENTRA
භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි !
samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !