අයවැය තෙවන වර කියවීමේ විවාදය අද

Picture of අසංක

අසංක

2019 අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වේ.

එහිදී ජනාධිපති හා අගමැති වැය ශීර්ෂ ඇතුළු ආයතන කිහිපයක වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතව ඇත.

අයවැය දෙවන වර කියවීම ඊයේ සම්මත වූයේ ඊට පක්ෂව ඡන්ද 119ක් හා විපක්ෂව ඡන්ද 76ක් හිමිවීමෙනි.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දීමෙන් වැළකී සිටි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු බොහොමයක් ද ඡන්ද විමසීමට සහභාගි නොවීම විශේෂත්වයකි.