නවතම පුවත්

මෙරට මානව හිමිකම් ගැන රටවල් 5ක් ගෙනා යෝජනාවට ලංකාවත් එකඟවෙලා

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්භන්ධයෙන් මහා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල්ව පහක අනුග්‍රාහකත්වයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරපත් කර ඇති නවතම යෝජනාවලිය සඳහා ශ්‍රී ලංකා රජයේ නිල එකඟතාවයද මේ වනවිට ලැබී ඇති බව ජගත් සංවිධාන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටී.

ඒ අනුව අදාළ යෝජනාවට සමඅනුග්‍රහකත්වය ලබාදීම සඳහා ජීනිවා හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ අශිස් මහතා මේ වනවිටත් අදාළ ලියකියවිලිවලට අත්සන් තබා ඇති බවද වාර්තාවේ.

මේ අනුව ඉදිරියේදී මෙම යෝජනාවේ සම අනුග්‍රාහකත්වයට ශ්‍රී ලංකාවද නිල වශයෙන් එක්වීමට නියමිතව ඇත. දැනට මෙම යෝජනාව සඳහා සම අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ ජර්මනිය, කැනඩාව, මොන්ටනීග්‍රෝ හා මැසිඩෝනියාව යන රටවල්ය .

ප්‍රධාන කරුණු හතරකින් සමන්විත මෙම යෝජනාව මගින්, පසුගිය2015 වසරේ ඉදිරිපත්කල යෝජනාවලියේ අඩංගු නිර්දේශ සියල්ල නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකවට නැවත යෝජනා කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා වගවීමේ ක්‍රියාවලිය පිළිබඳව අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදෙන ලෙස මෙමගින් ජගත් සංවිධානය වෙතද යෝජනා කර ඇත.

මේ අතර මෙම යෝජනාවට විරෝධය පළ කරමින් ජගත් දේශප්‍රේමි ලාංකික සංසදය ඊයේ (12) ජිනීවා මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයට පෙත්සමක් ​බාරදෙනු ලැබුවේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්