ඉන්දු මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම්ගේ නිවස යාචකයෙක් කොල්ලකාලා

Picture of අසංක

අසංක

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම්වරයාගේ නිවස කොල්ලකා එහි තිබූ ඩොලර් 2000ක් සහ රුපියල් 10,000 ක මුදලක් සොරාගෙන ගොස් තිබේ.

උදේ 8.30 ට පමණ ලේකම්වරයා නිවසින් පිටව ගොස් ඇති අතර පසුව අසල්වාසීන් විසින් ඔහුට ඇමතුමක් දී පවසා ඇත්තේ නිවස තුළින් කිසියම් අසාමාන්‍ය ශබ්ද ඇසෙන බවයි.

ඒ පිළිබඳ සොයා බැලූ ලේකම්වරයාට දැනගන්නට ලැබී ඇත්තේ සිය නිවසේ තිබූ මුදල් කොල්ලකා ගොස් ඇති බව ය.

පසුව පොලීසියට දන්වා කර මූලික විමර්ශනයේදී හෙළි වී ඇත්තේ කලක සිට ඒ අවට සැරිසරක යෙක් ලෙස පෙනී සිටි අයෙක් මෙම නිවස බිද මුදල් කොල්ල කා පලා ගොස් ඇති බවයි.

මේ බව නිවසේ සහ අවට සිසිටිවි දර්ශන මගින් අනාවරණය වී ඇත.