නවතම පුවත්

පුද්ගලයන් 27000ක් නිරෝධායනය අවසන් – තවත් 3500ක් තවදුරටත් නිරෝධායනයේ

අසංක

අසංක

කොවිඩ්-19 වසංගත පාලනය වෙනුවෙන් මෙරට තුළ මේ වනවිට යුද හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 26,942 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටවගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් අද දිනයේ පුද්ගලයින් විසි නව දෙනෙකු (29) තම නිරෝධායන කටයුතු අවසන් කර තිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි.

ඒ අනුව, හොටෙල් ජෙට්වින් බ්ලූ නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් තිදෙනෙකු ද (03), හේකිත්ත නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් විසි හතර දෙනෙකු (24) වශයෙන් වේ.

එසේම, අද (27) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තුළ පුද්ගලයින් 3,556 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා