නවතම පුවත්

කොරෝනා නිසා රැකියා අහිමි වූ අමෙරිකානුවන්ට දෙන මුදල් සහනය නවතින ලකුණු

අසංක

අසංක

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රැකියා අහිමිවී සිටින ඇමෙරිකානුවන්ට සහන ලබාදීම සඳහා එරට රජය වෙන්කර ඇති මුදල් ප්‍රමාණය අවසන් වීම හේතුවෙන් එම සහනය අතරමග නතරවීමේ අවදානමක් මතුව ඇති බව වාර්තාවේ.

ඇමෙරිකානු රජය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.4ක්වෙන් කරමින් ආරම්භ කල මෙම සහන වැඩසටහනේ කල් ඉකුත් වෙමින් පවතින බවත් මේ හරහා රට තුල බරපතල ආර්ථික අර්බුද මතුවිය හැකි බවත් බී බී සී ජාත්‍යන්තර පුවත් සේවය සඳහන් කර ඇත.

මේ අනුව කොරෝනා වසංගතය හේතුවෙන්, රැකියා අහිමිවී සිටින මිලියන 14ක් වන ඇමෙරිකානුවන්ට ලබාදෙන මාසික සහන දීමනාවද නතරවීමට ඉඩ ඇති බව එරට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවා ඇත.

මෙම අර්බුදයෙන් මිදීම සඳහා ඇමෙරිකානු රජය කඩිනමින් නව සුභ සාධන වැඩසටහනක් ආරම්භ කිරීමට හෝ දැනට කල් ඉකුත්වෙමින් පවතින වැඩසටහන දීර්ඝ කිරීමට හෝ පියවර ගත යුතුව ඇති බවද එම ආර්ථික විශේෂඥයින් පෙන්වාදී ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා