ඉදිරි මහමැතිවරණය සඳහා සමගි ජනබලවේගය පක්ෂයෙන් නාමයෝජනා ලබාගත් සිය පක්ෂ සාමාජිකයන් 54 දෙනකු නෙරපා හැරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇතැයි වාර්තා වේ.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය නොදැක්වූ නොදැක් වූ පළාත් පාලන සාමාජිකයන් 61 දෙනෙකු ද එම පක්ෂයෙන් නෙරපා හැරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන ඇත.