නවතම පුවත්

වියට්නාමයෙන් තවත් කොරෝනා ආසාදිතයන් හමුවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසය වඩාත් සාර්ථකව පාලනය කර තිබූ වියට්නාමයෙන් තවත් දේශීයව සම්ප්‍රේෂණය වූ ආසාදිතයන් 11 දෙනෙකු ඊයේ (27දා) වාර්තා කර ඇති අතර, ඔවුන් සියලු දෙනාම සංචාරක නගරයක් වන ඩා නන්ග්හි රෝහලක් වෙත යොමුකර තිබේ.

වියට්නාම රජයේ නිල පුවත්පත වන චින්ෆු පවසන පරිදි මෙම ආසාදිතයන් 11 දෙනාගෙන් සිව්දෙනෙකු සෞඛ්‍ය සේවකයන්ය.

වියට්නාමයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ඩා නන්ග් ප්‍රදේශයේ පසුගිය ජූලි 25දා සිට කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණේ, ඊට පෙර වියට්නාමය තුළ දින 100කට ආසන්න කාලයේ දේශීයව සම්ප්‍රේෂණය වූ කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූ පසුබිමකය.

මෑතකදී සනාථ කරන ලද සිද්ධීන් සමග සම්බන්ධතා සොයාගැනීම වේගවත් කරන ලෙසත්, නගරය පුරා මහා පරිමාණ පරීක්ෂණ සිදුකරන ලෙසත් වියට්නාම අග්‍රාමාත්‍ය ගුයීන් සුආන් ෆුක් නියෝග කර තිබේ.

නව ආසාදිතයන් වාර්තාවීමේ සිදුවීම හේතුවෙන් දින හතරක් පුරා සංචාරකයින් 80,000ක් පමණ, වැඩිදෙනා දේශීය සංචාරකයන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට කටයුතු යොදා තිබුණි.

මෙම නව ආසාදනය වීමේ ප්‍රභවය සොයා ගැනීමට සහ වෛරසය පැතිරීම පාලනය කිරීමට නගරයට උදව් කිරීම සඳහා එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කණ්ඩායමක් ඩා නන්ග් වෙත යවා ඇති බව සඳහන් වෙයි.

නව ආසාදිතයන් 11 දෙනා සමග වියට්නාමයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 431ක් දක්වා ඉහළ ගොස් තිබුණද, මෙතෙක් එරටින් එකදු මරණයක් හෝ වාර්තා වී නොමැත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි