නවතම පුවත්

ඡන්ද සතියේ සියලුම පාසල්වලට නිවාඩු

අසංක

අසංක

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන සතිය තුළ සියලුම රජයේ පාසල්වලට නිවාඩු දීමට රජය තීරණය කරයි.

ඒ අනුව අගෝස්තු මස 4, 5,6 සහ 7 වන සිකුරාදා යන දිනවල පාසල් වසා තැබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව කීය.

දිවයිනේ සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු පසුගිය ජූලි මස 27 වන දින යළි ආරම්භ විය. එම ශ්‍රේණිවල සිසුන්ට පමණක් මෙම නිවාඩුව අදාළ වේ.

අගෝස්තු 10 වන දා අනෙකුත් ශ්‍රේණි සඳහා ද පාසල් විවෘත කෙරෙනු ඇත.

එළඹෙන මහමැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීම කටයුතු සඳහා පාසල් යොදාගැනීම නිසා සහ ගුරුවරුන්ගෙන් 60% පමණ දෙනා ඡන්ද රාජකාරි කටයුතුවල නිරත වේ.

එබැවින් අගෝස්තු මස 3වන දා සිට 8 වන දා දක්වා පාසල් වසා තැබෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරැම මහතා පැවසීය.

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි