නවතම පුවත්

අගෝස්තු 10 වැනිදා සිට පාසල් ඇරඹෙන්නේ මෙහෙමයි..

අසංක

අසංක

රජයේ සියලූම පාසල්වල අධ්‍යයන කටයුතු අගෝස්තු මස 10 වනදා සිට යළි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

එහිදී සතියේ දින පහ තුළ වෙන වෙනම ශ්‍රේණි 5ක් සඳහා පමණක් ළමුන් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව 5,10,11,12 සහ 13 යන ශ්‍රේණි සඳහා පමණක් සතියේ දින පහ තුළ ම පාසල් පැවැත්වෙනු ඇත.

1,2,3 සහ 4 යන ශ්‍රේණි සඳහා පාසල් පවත්වනු ලබන්නේ සතියට එක් දිනක් පමණි.

මේ අතර, පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරමින් සිසුන් පාසලට ගෙන්වා ගැනීමට ද තීරණය කර තිබේ.

සිසුන් 200 ට අඩු පාසල් සඳහා අගෝස්තු මස10 වනදා සිට සියලුම ශ්‍රේණි ආරම්භ කෙරෙන අතර ළමුන් 200ට වැඩි පාසල් සඳහා පළමු ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය සඳුදා දිනයේත්, 2 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය අඟහරුවාදා දිනයේත්, 3 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය බදාදා දිනයේත් පැවැත්වෙනු ඇත.

මීට අමතරව බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 4 සහ 5 වන ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටී.

මේ අතර සිසුන් සංඛ්‍යාව 200 ට වැඩි ද්විතීක පාසල් සඳහා සඳුදා දිනයේ 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත්, අඟහරුවාදා දින 7 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත්, බදාදා දින 8 ,10,11, 12 හා 13 වන ශ්‍රේණියය දක්වාත් පාසල් පැවැත්වෙනු ඇති.

ද්විතීක පාසල්වල බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 9 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පමණක් පැවැත්වේ.

6,7,8 සහ 9 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙරවරු 07.30 සිට දහවල් 01.30 දක්වා වන අතර 10 සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් කාලය පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වා පැවැත්වෙ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි