නවතම පුවත්

නාකොටික් නිලධාරීන් ජාවාරම්කරුවන්ට දුන් අවි ළඳු කැලෑවකින් හමුවෙයි

අසංක

අසංක

අත්තිඩිය අභය භූමියට අයත් ළඳු කැලෑවක් තුල සඟවා තිබීයදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් විදෙස් රටක නිෂ්පාදි ගිනි අවි 4 පසුගිය දා අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශ නිලධාරීන් විසින් මත්කුඩු ජාවාරම්ක්රුවන්ට දුන් අවි බවට මූලික පරීක්ෂණවලින් හෙළිවෙයි.

ලඳු කැලෑව ආසන්නයේ මාර්ගයෙන් ගමන් ගත් පුද්ගලයෙකු යම් පාර්සලයක් සගවන ආකාරය දුටු ප්‍රදේශවාසි පුද්ගලයෙකු ඒ ගැන දුන් තොරතුරක් මත මෙම ස්ථානයේ තිබී පාකිස්ථානයේ නිෂ්පාදිත 0.30 කැලිබර් වර්ගයේ පිස්තෝල හතර සහ මැගසින් අට සොයාගත් බව පොලීසිය පැවසීය.

කලකට ඉහත දී පාකිස්ථානයේ සිට මෙම පිස්තෝල 05 සහ හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 56 ක් සමග රහසිගත මාර්ගයකින් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත.

පසු ගියදා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්වු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරින් අතර සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සන්තකයේ මෙම වර්ගයේ පිස්තෝලයක් තිබී සොයාගෙන ඇත.

එම නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය තොගයක් සහ මෙම ගිනි අවි 04 වෙනත් පුදගලයකුට සඟවා තැබීම සඳහා ලබා දී ඇත.

අත්අඩංගුවට ගත් මෙම ගිනි අවි හතර සහ අත්අඩංගුවේ පසු වන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයා සන්තකයේ තිබී සොයාගත් ගිනි අවියත් සමාන ඒවා බව සොයාගෙන ඇත.

එම නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගැනීමත් සමග ගිනි අවි දුන් පුද්ගලයා රටින් පළා ගොස් ඉන්දියාවේ සැඟවී සිටින බවත් පොලිසිය විසින් අනාවරණය කර ගෙන ඇත.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමග ඉන්දියාවේ සැඟව සිටින පුද්ගලයා විසින් ඔහුගේ සමීපතමයකුට මෙම ගිනිඅවි සගවා තබන ලෙසට ලබා දුන් දුරකථන පණිවුඩයක් මත කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ගිනි අවි සියල්ල මල්ලක දමා කැලේට විසි කර ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්