ඉෂාර රත්නකාර
තංගල්ල ප්‍රදේශයේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නමැති අය ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය සමූහ දූෂණය කිරීම සම්බන්ෂධයෙන් සිර දඩුවම් නියම වී සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදාන පතිරණ ඇතුළු තිදෙනකු විසින් ගොනුකළ අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණයේදී අද ඉල්ලා අස්කරගෙන තිබේ.
කොළඹ මහාධිකරණය විසින් තමන්ට පැනවූ බරපතළ වැඩසහිත 20 වසරක සිර දඩුවමට එරෙහිව විත්තිකරුවන් තිදෙනකු ගොනු කළ අභියාචනා ඉල්ලා අස්කරගැනීමට අභියාචනාධිකරණය අවසර ලබාදුන්නේ ය.
මෙම නඩුවේ එක් විත්තිකරුවකු විසින් සිය අභියාචනය ඉල්ලා අස්කරගෙන නොමැති අතර එය ලබන ජුලි මස 24 වැනිදා කැදවීමට නියමිතය.