ලෙබනන් පිපිරීමෙන් මෙරට තානාපති කාර්‍යාලයත් හානි

Picture of අසංක

අසංක

ලෙබනනයේ බීරූට් අගනුවර සිදුවූ දැවැන්ත පිපිරීමෙන් එරට පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට ද හානි සිදුව ඇති බා වාර්තාවේ.

තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුවලට මෙහිදී හානි සිදුව ඇති අතර තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ නිවාසවලටත් හානි සිදු වී ඇතිබව වාර්තාවේ.

මෙම පිපිරීමෙන් ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවටද මේ වනවිට දැනගන්නට ඇත.

අදාළ අනතුරෙන් තවදුරටත් තුවාල සිදු වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු සොයමින් ඇති බව තානාපති කාර්යාලය සඳහන් කර සිටී , කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ කිසිවෙකු මිය ගොස් ඇති බවට මෙතෙක් වාර්තාවී නොමැත