බීරුට් පිපිරීමේ බලපෑම හිරෝෂිමා පරමාණු බෝම්බයෙන් බාගයක් තරම්

Picture of අසංක

අසංක

ලෙබනනයේ බීරූට් නුවර ඇතිවූ පිපිරීමෙන් හටගත් කම්පනය ජපානයේ, හිරෝෂිමා නගරයට හෙළුණු ලැබූ පරමාණු බෝම්බයේ ප්‍රබලත්වයෙන් හරි අඩක් පමණ වන බවයි විදෙස් වාර්තා සඳහන් කර සිටී.

එම පිපිරිමෙන් පුද්ගලයින් ලක්ෂ දෙකහාමාරක පමණ පිරිසකට නිවාස අහිමිව ගොස් ඇති බව බේරූට් අගනුවර ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත.

පිපිරිමෙන් පසු බේරූට් අගනුවර යුධ පිටියක් සේ දිස්වන බවද විදෙස් මාඝ්ය වාර්තා කර ඇත,. මෙම පිපිරිමෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර 4000 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750ක ගබඩා ගබඩාවක සිදුවූ පිපිරිමෙන් ගබඩාව පිහිටා තිබු ස්ථානයේ විශාල වලක් හැරී ඇති බවද වාර්තාවේ

මේ අතර ලෙබනනයට උපකාර කිරිම සඳහා ප්‍රංශය, ඉරානය, බ්‍රිතාන්‍ය සහ ගල්ෆ් කලාපීය රටවල් ඉදිරිපත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී .