“මෙරට පැරණිතම දේශපාලන පක්ෂයට ජනතාව දුන් තීන්දුවට හිස නමනවා” – වජිර අබේවර්ධන

Picture of අසංක

අසංක

මෙරට දේශපාලන ඉතිහාසයේ පැරණිතම පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය මෙවර මහමැතිවරණයේ දී දැඩි පසුබෑමකට ලක්වුවද ජනතා තීන්දුවට හිස නමා ආචාර කරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“ජනතාව අපිට තීන්දුවක් ලබාදීලා තිබෙනවා. ඒකට අපි හිස නමා ආචාර කළ යුතුයි. පරාජය තමයි ජයග්‍රහණයේ අඩිතාලම වන්නේ. පොදුජන පෙරමුණ මේ වෙනකොට තුනෙන් දෙකක බලයක් ලබාදෙන්න ජනතාව තීරණය කරලා. පරාජයට පත් ඡන්ද සියල්ලෙහිම ඡන්ද එකතුවට වඩා පොදුජන පෙරමුණ ඡන්ද ලබාගෙන තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.” යැයි හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටී.