ඉන්දීය අගමැතිගෙන් මහින්ද රාජපක්ෂට කලින්ම ලැබුණු ඇමතුම

Picture of අසංක

අසංක

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට මීට ටික වේලාවකට පෙර ඇමතුමක් දෙමින් සුබපැතුම් එක්කර තිබේ.

තවමත් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබුණ ද ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලි ජයක් පෙන්නුම් කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් සුබපතමින් ඉන්දීය අගමැතිවරයා එම ඇමතුම ලබාදී ඇත.

ඒ පිළිබද මහින්ද රාජපක්ෂ මහතා සිය නිල සමාජ ජාල ගිණුම් ඔස්සේ සටහනක් කර තිබුණේ ඒ මොහොතේදි ගන්නා ලද ඡායාරූපයක් ද එක්කරමිනි.