එජාපයට නායකත්වය දෙන්නට සිටි නවීන්ට මන්ත්‍රී පුටුවත් අහිමි වෙයි

Picture of අසංක

අසංක

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසනයක් ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසනායක අසමත් වෙයි.

කෙසේවෙතත් ඔහු පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ලබා ඇති පරාජය සුනාමියක් බවත් ප්‍රතිඵලය කුමක් වුවද ජනතා මතයට ගරුකරන බවත් ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 5ක් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයට ආසන 3ක් ද හිමිවි ඇත.

මහමැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමටත් එයට නැවුම් දැක්මක් ලබාදෙමින් නව ඇරඹුක් ලබාදීමට දිසානායක මහතා පූර්ව මැතිවරණ සමයේදී දේශපාලන වේදිකාවකදී කැමැත්ත පළකළේය.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ඇතුළු පක්ෂයේ බොහෝ ප්‍රබලයින්ට මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වනු ඇති බවට මැතිවරණ ප්‍රතිඵල විශ්ලේශකයන්ගේ මතයයි.