පැරදුණු අය යළි ගේන විපක්ෂයේ ජාතික ලැයිස්තු ගුණ්ඩුව

Picture of අසංක

අසංක

මෙවර මහ මැතිවරණයේදී පරාජයට පත් වූ අපේක්‍ෂකයින් කිසිවෙකුට ජාතික ලැයිස්තු මන්ති‍්‍ර ධුර ලබා නොදෙන ලෙස පැෆරල් සංවිධානය ඉල්ලා සිටී .

කෙසේ වෙතත් විපක්‍ෂයේ ප්‍රධාන පක්ෂ කිහිපයක්ම , මෙසේ පැරදුනු අපේක්ෂකයින්ගේ නම් , තම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සඳහා නම්කර ඇති බවට වාර්තාවේ .

මේ අතර, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර ස`දහා නම් කළ 17 දෙනාගේ ලේඛනය, එම පක්ෂය විසින් ඊයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබුනු අතර . පරාජිත කිසිදු අපේක්ෂකයෙකු එම ලැයිස්තුවට ඇතුළත්ව නැත ..