ඉන්දියාවේ ගුවන් අනතුරින් මිය ගිය ගණන ඉහළට

Picture of අසංක

අසංක

ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේදී සිදුවූ ගුවන් අනතුරින් මේ වනවිට එහි ගමන්ගත් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

එසේම මෙහිදී තුවාල ලැබ සිටින 15 දෙනෙකුගේ තත්වය බරපතල බවද වාර්තාවේ.

නව්‍ය කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවට පැමිණීමට නොහැකිව ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි 184 දෙනෙකු ඇතුළු 190 දෙනෙකු රැගෙන ඉන්දියාවට පැමිණි ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

යානය කේරළ ප‍්‍රාන්තයේ කැලිකට් ගුවන් තොටුපළට ගොඩ බැස්වීමේදී, එය ගුවන් ධාවන පථයෙන් ඉවතට ධාවනය වී මෙම අනතුර සිදුව තිබේ.

පවතින අධික වර්ෂාව සහගත කාලගුණය හේතුවෙන් ගුවන් ධාවන පථය ලිස්සනසුළු වීම ඊට හේතුව බවටයි අනාවරණ වී ඇත