ලොව පුරා කොරෝනා මරණ 723,000 ඉක්මවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 723,854ක් බව දත්ත වාර්තා කරයි.

එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 19,497,292ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 11,823,105ක ආසන්න පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද දත්ත වාර්තා වල වැඩිදුරටත් සදහන් වේ.