පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර විශේෂ සාකච්ජා වටයක් මේ වනවිට විපක්ෂ නායක කාර්යාලයේදී ආරම්භවී ඇත.
දෙපාර්ශවය අතර නව සන්ධානයක් ගොඩනැගීම පිළිබඳව මෙම සකාච්ජාවේ ප්‍රධාන අවධානය යොමුව ඇති බවද වාර්තාවේ.
නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයින් අද උදෑසන 10.20 ට පමණ විපක්ෂනායක කාර්යාලය වෙත පැමිණ ඇත.
නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් දැනට සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජි.එල් පිරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා දැනට සහභාගීවී සිටින බව වාර්තා වෙයි. මේ සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එක්වීමට නියමිතව ඇත.