නවතම පුවත්

මහින්ද රාජපක්ෂ අගමැතිධූරයේ දිවුරුම් දෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙරට 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (09) උදෑසන කැලණිය රජ මහා විහාරයේදී දිවුරුම් දුන්නේය.
කැලණිය පුද බිමට සපැමිණි ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරු කැලණිය දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා විසින් පිළිගෙන විශේෂ පීඨිකාව දක්වා කැදවාගෙන යන ලදි.
සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ සිදුවු දිවුරුම් දීමේ අවස්ථාව කැලණිය රජ මහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ආශිර්වාදයෙන් සිදුවූහ. පෙරවරු 9.32 ට යෙදුණු සුබ මුහුර්තියෙන් අග්‍රාමාත්‍යධූරයට අදාල සන්නස් පත්‍රයට අත්සන් තැබු මහින්ද රාජපක්ෂ මහතා සිය සොහොයුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්ව මුල්ම කටයුත්ත ලෙස ඵෙතිහාසික කැලණිය විහාරයට ගොස් බුදුන් වැද ආශිර්වාද ලබාගත්හ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පනස් වසරක දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියයි. 1970 වසරේ පාර්ලිමේන්තුවට මුලින්ම තේරි පත්වු ඒ මහතා 1995 වසරේ සිට 2004 දක්වා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සේවය කොට පසුව 2005 වසරේ මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී තිස් වසරක සාප ලත් කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය නිමා කිරීමට අවශ්‍යය දේශපාලන නායකත්වය ලබා දුන්නේය.
යුද්ධයෙන් පසුව සංවර්ධන මාවතට රට විවර කළ මහන්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයේදී එදා මෙදා තුර ලංකා ඉතිහාසයේ ඡන්දයෙන් ලබාගත් වැඩිම මනාම සංඛ්‍යාවට හිමි වාර්තාවටද හිමිකම් කියමින් මනාප 527364ක් ලබාගත්තේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට ඉතිහාසයේ දෙවරක් ජනාධිපතිවී, සිව් වතාවක් අග්‍රාමාත්‍යධූරයට පත් පළමු වැන්නාය. දිවුරුම් දීමේ අවස්ථාවෙන් පසු මහා සංඝරත්නය බැහැ දැක අවවාද අනුශාසනා ලබා ගත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා, මෙවර මැතිවරණයෙන් තේරී පත්වු මහජන නියෝජිතයන් හා කැලණිය පුද බිමට පැමිණ සිටි බැතිමතුන් සමග සුහද කතාබහක නිරතවුයේය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික පුජකවරු, ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම්, තානාපතිවරු, ශ්‍රි ලංකා පොදුජන පෙරමුෆන් මන්ත්‍රිවරුන් හා පවුලේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා