මෙරට කොරෝනා රෝගීන් සුවවීමේ ප්‍රතිශතය සියයට 90 ඉක්මවලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් සුවවීමේ ප්‍රතිශතය මේ වනවිට සියයට 90 ව ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව අද උදෑසන වන විට මෙරට කොරෝනා රෝගීන් සුවවීමේ ප්‍රතිශතය සියයට 90.75 ඉක්මවා ගොස් තිබිණ . එහිදී මෙරට කොරෝනා ආසාධනය වූවන්ගේ සමස්ථ සංඛ්‍යාව 2841 ලෙස දැක්වෙන අතර ඉන් 2577 දෙනෙකුම සම්පූර්ණ සුවය ලබා ඇති බව දැක්වේ.

කෙසේ වෙතත් ලෝක මට්ටමින් ගත් විට කොරෝනා රෝගීන් සුවවීමේ ගෝලීය ප්‍රතිශතය සියයට 70කට අඩු මට්ටමක පවති. ඊයේ වනවිට කොරෝනා රෝගීන් සුවවීමේ ගෝලීය ප්‍රතිශතය සාමාන්‍යයක් ලෙස සියයට 64.88 ක පැවතින.

ඇමෙරිකාවේදී එම ප්‍රතිශතය සියයට 51 .36ක් තරම් අඩු අගයක පවතින අතර ඉන්දියාවේදේ එම අගය සියයට 68.35ක අගයක් ගෙන ඇත .