අද කොවිඩ් ආසාදිතයින් 3ක් හමුවෙයි

Picture of අසංක

අසංක

කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් තිදෙනෙකු අද (10) දින උදෑසන වනවිට හඳුනාගෙන තිබේ.

කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ එම පුද්ගලයින් තිදෙනා (03) අතරින් පුද්ගලයින් දෙදෙනෙකු සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් බවයි.

ඉතිරි පුද්ගලයා (01) ඉන්දියාවේ සිට මෙරටට පැමිණ කොග්ගල රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙකි.

ඒ අනුව, අද (10) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 606 කි.

පුනරුත්ථාපනය වන රැඳවියන් – 485
කාර්ය මණ්ඩලය – 67
ආරාධිත කාර්යමණ්ඩලය – 05
පවුල් හා සමීපතමයින් – 48
වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් – 19 වෛරසය – 01
ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයින්
එකතුව – 606