පාසල් ඇරඹුණු නිසා යළි කොරෝනා අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

Picture of අසංක

අසංක

පාසල් ආරම්භ කිරීමත් සමග කොරෝනා වසංගතය යලි පැතිර යාමේ අවදානමක් මතුවන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටී.

සිසුන්, දෙමව්පියන්, ගුරුවරුන් ඇතුළු බොහෝ දෙනෙකු යළි පාසල් වෙත එක්රොක් වීමත් සමග එම අවදානම මතුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍ය වෙත පැවසීය

එබැවින් නිර්දේශ කර ඇති සෞඛ්‍ය ක්‍රමවේදයන් තවදුරටත් ඒ ආකාරයෙන්ම පිළිපදින ලෙස ඔහුජනතාවගෙන් ඉල්ලා සිටී

මේ වනවිට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 2844 ක් වන අතර ඉන් ආසාදිතයින් 2579 මේ වනවිට සුවය ලබා තිබේ.