පළාත් කීපයකට තද වැසි සහ සුළං තත්වයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිවයිනේ සබරගමුව, මධ්‍යම, බස්නාහිරසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

දිවයින හරහා විශේෂයෙන්උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මි.(40-50) දක්වා තද සුළං ඇති විය හැක.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී. වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.