නවතම පුවත්

යේමනයට එරෙහිව ඇමරිකානු සහය නවතී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් යේමනයේ සිදුකරන යුද මෙහෙයුම්වලට ඇමෙරිකාවේ සහයෝගය වළක්වාලීම සඳහා එරට සෙනට් මණ්ඩලය යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

ද්වීපක්ෂ ඡන්ද විමසීමෙන් ඊට පක්ෂව ඡන්ද 54ක්ද, ඊට විරුද්ධව ඡන්ද 46ක්ද ලැබී තිබුණු අතර, එය ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහයෝගය ලැබෙන සෞදි ප්‍රහාරවලට අතුල් පහරක් බව දේශපාලන විචාරකයෝ පවසති.

කෙසේ වෙතත්, මෙම යෝජනාවලිය එරට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියටද යටත්වීමට නියමි අතර, එවිට එය බලාත්මක කෙරෙයි.

යේමන යුද්ධය 2015 දී ආරම්භ වූ අතර, මෙම ගැටුම් හේතුවෙන් යේමන ජාතිකයන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් මිලියන ගණනක් උන්හිටිතැන් හෝ කෑමට යමක් නොමැතිව සාගතයෙන් පෙළෙන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්