ලොව පුරා කොරෝනා ආසාදිතයන් කෝටි දෙක ඉක්මවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයන් ගණන 20,254,685 බව worldometers.info වෙබ් අඩවිය වාර්තා කරනවා ඒ අද උදැසන 10 පමණ වන විටයි මේ අනුව ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන කෝටි දෙක ඉක්මවා ගිය අතර මරණ සංඛ්‍යාව 738,930ක් බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 13,118,618 ක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද එම දත්ත වාර්තා සදහන් කර සිටිනවා.