මොරිෂස් ආසන්නයේ අනතුරට ලක්ව අත්හැරදමන ලද නෞකාවක තෙල් ටැංකියකින් තෙල් කාන්දුවීම නිසා සිදුවන විනාශය හා දැවැන්ත පාරිසරික හා ආර්ථික හානිය නැවැත්වීමට ජාත්‍යන්තරයෙන් හදිසි උදව් ඉල්ලා තිබේ.
මේ හේතුවෙන් දින දෙකකට පෙර මොරිෂස් හි ‘පාරිසරික හදිසි තත්ත්වයක්’ ද ප්‍රකාශයට පත්කෙරිණ.
ලොව පුරා සංචාරකයින් ආකර්ෂණය කර ගන්නා කොරල් පර, සුදු වැලි වෙරළ සහ පෞරාණික කලපු කලාපයක් මෙලෙස දූෂණය කරමින් ටොන් 1,000 කට වැඩි ඉන්ධන තොගයක් සහිත එම්වී වකාෂියෝ නෞකාවේ සිට ගිනිකොනදිග මොරිෂස්වලට ඔබ්බෙන් මුහුදට තෙල් ගලා ගොස් ඇත.
එහෙත් විශේෂඥයන් පවසන්නේ තවමත් තෙල් ටොන් 2500 ක් නෞකාවේ ඇති බවයි.
නෞකාව කඩා වැටෙමින් පවතින අතර එය ඊටත් වඩා විශාල පාරිසරික හා ආර්ථික ව්‍යසනයකට තර්ජනයක් බව ද ඔවුන් පෙන්වා දේ.
එම්වී වකාෂියෝ ජූලි 25 වන දින ඉන්දියන් සාගර දූපතට ඔබ්බෙන් වූ කොරල් පරයක් මතට ගොස් පැල්මකට ලක්වූ අතර එහි කාර්ය මණ්ඩලය ඉවත් කරන ලදී.
ජපාන සමාගමකට අයත් එහෙත් පැනමාවේ ලියාපදිංචි කරන ලද මෙම නෞකාවේ තෙල් ටොන් 4000ක් රැගෙන ගොස් තිබී ඇත.
මුහුදේ සම්පත්වලින් ජීවිකාව කරගන්නා මොරිෂස් වැසියන් ආර්ථික, පාරිසරික බරපතළ අර්බුදයකට මුහුණ පා සිටිති.
