වෙඩි තැබීමක් නිසා ට්‍රම්ප්ගේ මාධ්‍යහමුව නවතී

Picture of අසංක

අසංක

ධවල මන්දිරය අසල සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුව අතරමග නතරකිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිදුවී ඇත.

වෙඩි තැබීම වාර්තාවූ සැනින් , එරට රහස් ඔත්තු සේවය විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය සාකච්ජාව අතර වාරයේදී ඉන් පිටතට රැගෙන යාමට කටයුතු කර ඇත,

මිනිත්තු කිහිපයකට පසු නැවත පැමිණි ජනාධිපති ට්‍රම්ප් නැවත මාධ්‍ය වෙත කියා සිටියේ ධවල මන්දිරයට ආසන්න මාර්ගයකදී පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් කිරීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට ගෙන ගොස් ඇති බවය.

“එය ධවල ​​මන්දිරයෙන් පිටත වෙඩි තැබීමක්. තත්ත්වය ඉතා හොඳින් පාලනය කර තිබෙනවා. රෝහලට රැගෙන ගිය පුද්ගලයාගේ තත්ත්වය තමන් නොදන්නා බව” මෙහිදී ජනාධිපති ට්‍ර්ම්ප් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත.

අවුරුදු 51ක් වයසැති පුද්ගලයෙකු , තමා සන්තකයේ ගිනි අවියක් ඇති බව කියමින් ධවල මන්දිරය අසල රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියෙකු අසලට දිව ඒම හේතුවෙන් මෙම සිද්ධිය ඇතිවී ඇත

එම අවස්ථාවේදී ධවල මන්දිරය අසල ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි රහස් ඔත්තු සේවා නිලධාරියෙකු විසින් සැකකාර පුද්ගලයාට වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ඇත.