තෙල් නැව් මගින් මෙරට වෙරළට වන බලපෑම අවම කරන්න වැඩපිළිවෙළක්

Picture of අසංක

අසංක

තෙල් නැව් හරහා මෙරට වෙරල කලාපයට එල්ලවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට සමුද්‍රීය ආරක්‍ෂන අධිකාරිය පියවර ගෙන ඇත.

ඉන්දියන් සාගර කලාපයේ පිහිටි මොරිෂස් දූපත ආසන්නයේදී ඉන්ධන නෞකාවක් අනතුරට පත්වීමත් සමග මතුව ඇති තත්වය සැලකිල්ලට ගෙන මෙම වැඩපිළිවෙල දියත් කරන බවද එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා මාධ්‍ය වෙත පැවසීය

ශ‍්‍රී ලංකා මුහුදු කලාපය තුළ ද මෙවැනි අනතුරු ඇතිවීමේ සම්භාවිතාව ඉහළ බව ඒ මහතා මෙහිදී පැවසීය.

දෙවුන්දර තුඩුවට ඈතින් ඇති මුහුදු සීමාවේ ඇති මුහුදු ගමන් මාර්ගයේ විශාල තෙල් නැව් ගමන් කරන බවත් යම් අවස්ථාවක මෙවැනි තෙල් නැවක හානියක් සිදු වුවහොත් ලංකාවේ වෙරළ කලාප රැසකට දැඩි බලපෑම් එල්ල විය හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය . ඒ අනුව එවැනි සිදුවීමක් සඳහා ලංකාව මීට වඩා සූදානම්ව තැබීම අත්‍යාවශ්‍ය කරුණක් බවද ඔහු පැවසීය