මියන්මාර්-ලංකා ඍජු ගුවන් ගමන් සේවයක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට දෙරටෙහි බලධාරීන් අවධානය යොමු කර ඇත.

ඒ අනුව ඒ පිලිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා මියන්මාරයේ ශ්‍රී ලංකාවේ තානාපති ආචාර්ය නලින් ද සිල්වා සහ මියන්මාරයේ පුද්ගලික ගුවන්සේවා සමාගමක් අතර පසුගියදා පැවැත්විණ.

Myanmar Airways International (MAI) නම් එම ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී සරවනන් රාමසාමි හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ටනේස් කුමාර් මේ සාකච්ජාවට එක්ව ඇත.

ගමනාන්ත දෙකෙහිම සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේදී සෘජු ගුවන් සම්බන්ධතාවයේ වැදගත්කම තානාපතිවරයා විසින් මෙහිදී විස්තර කරනු ලැබ ඇති අතර දෙරට අතර සංචාරකයින් සැලකිය යුතු කාලයක් සංක්‍රමණ සඳහා වැය කරන අතර ගුවන් ගමන් කාලය පැය 3 කටත් වඩා අඩු බව එහිදී අවධාරණය කෙරිණි.

ඓතිහාසික, සංස්කෘතික හා ආගමික බැඳීම් මගින් මෙම වැදගත් ගමනාන්ත දෙක අතර සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් ගමන් ගන්නා ඇති බවට තානාපතිවරයා මෙහිදී පැවසුවේය.