රනිල්ට එරෙහි පෙත්සම් මහින්ද ඉල්ලා අස්කර ගනී

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

තමන්ට සිය තනතුරුවල කටයුතු කිරීම වළක්වාළමින් අභියාචනාධිකරණය පැනවූ අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා හිටපු අගමැති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු කැබිනට් මණ්ඩල සාමාජිකයන් විසින් ගොනු කළ අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද ඉල්ලා අස්කර ගත්තේය.

මෙම අභියාචනා පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ 122 දෙනකු ද සිය රිට් පෙත්සම් අභියාචනාධිකරණය හමුවේදී ඉල්ලා අස්කරගත් බැවින් අදාළ අභියාචනා පෙත්සම් ද ඉල්ලා අස්කර ගන්නා බව පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා සිටියහ.

අදාළ අභියාචනා පෙත්සම් ඉල්ලා අස්කරගැනීමට ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අවසර ලබාදුන්නේ ය.