පැතුම් වික්‍රමරත්න
එක්සත් ජාතික පක්ෂයට එරෙහි පුළුල් බලවේගයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සකාච්ජා මාලාවේ දෙවැන්න ලබන 21 දින විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
දෙපාර්ශවයේම එකඟතාව සහිතව පොදු ප්‍රතිපත්ති මාලාවක් ගොඩනැගීම පිළිබඳව එම සාකච්ජා වටයේදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතව ඇත.
මෙම සාකච්ජාව සඳහා දෙපාර්ශවයේම ප්‍රබලයින් කිහිපදෙනෙකුම එක්වීමට නියමිටව ඇති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කර සිටී