CCDයට නව අධ්‍යක්ෂවරයෙක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස අම්පාර කොට්ඨාශ භාරව සිටි පොලිස් අධිකාරි ශාමන්ත විජේසේකර මහතා පත්කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද කලක් සේවය කර ඇති ඒ මහතා කොටකෙතන ගම්මානයේ සිදුවූ කාන්තාවන් මරා දැමූ ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට නායකත්වය ලබාදුන්නෙකි.

ඒ මහතා දියතලාව පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි වකවානුවේ දියතලාව හමුදා කදවුරට පහරදී දහස් ගණනක් මරාදැමීමේ කොටි සැලසුම අනාවරණය කරගෙන පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද සොයාගැනීමට සමත්වූවෙකි.