පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ක්‍රියාත්මක කෙරෙන විශාලතම ද්විපාර්ශවික ආරක්ෂක අභ්‍යස මෙහෙයුම එළඹෙන 23 සිට 29 දින දක්වා වෙනිදින මෙරටදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒ අනුව ඉන්දු – පැසිෆික් ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම ආරක්ෂක අභ්‍යාසයේ පළමු නැවතුම්පළ ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත.
මේ සඳහා ඉදිරියේදී මැලේසියාව, තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව සහ සිංගප්පූරුව යන රටවල් ද එක්වනු ඇති බව .ඔස්ට්‍රේලියාවේ වැඩබලන මහකොමසාරිස් ජෝන් ෆිලිප්මහතා සඳහන් කර සිටී..
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර වෙළදාම ඇතුළු මුහුදු මාර්ගයේ ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙල සහ උපාය මාර්ග සම්බන්ධයෙන් වන සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙහි අරමුණ වන අතර ඒ සඳහා මෙම ආරක්ෂක අභ්‍යාසය ප්‍රධාන සන්ධිස්ථානයක් වනු ඇති බව ඔස්ට්‍රේලියානු වැඩබලන මහකොමසාරිස් ජෝන් ෆිලිප් ප්‍රකාශ කර ඇත.
දෙරට අතර පැවැත්වෙන මෙම විශාලතම ආරක්ෂක අභ්‍යාසය සඳහා යුධ, නාවික සහ ගුවන් හමුදාවන්ට අයත් නිලධාරීන් දහසකට අධික පිරිසක් යාත්‍රා 04කින් සහ ගුවන් යානා 04කින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
ඔවුන් ආරක්ෂක අභ්‍යාසය පැවැත්වෙන කාල සීමාව තුළ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ද සංචාරය කිරීමට නියමිතය.
මෙහිදී යුධ, ගුවන් සහ නාවික හමුදාවන්ට අයත් ක්‍රියාකාරකම් රැසක් සිදු කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ වැඩබලන මහකොමසාරිස් ජෝන් ෆිලිප් පවසා සිටියි.
දෙරටටම වැදගත් වන සමුද්‍ර අපරාධ ගැටළුවලට වඩා ඵලදායී විසදුම් සොයා ගැනීමට මෙම ආරක්ෂක අභ්‍යාසය හරහා හැකියාව ලැබෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.