එජාප ආසන සංවිධායකයන්ට අනතුරු ඇඟවීමක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතික පක්ෂයේ සියලු ශාඛා සංවිධාන , කාන්තා සංවිධාන , හා තරුණ සංවිධාන ලබන මැයි 31 දිනට පෙර ගොඩනැංවීමට අපොහොසත් වන ආසන සංවිධායකයින් එම තනතුරුවලින් ඉවත්කිරීමට එම පක්ෂ නායකත්වය තීරණය කර ඇත.

ලබන 21 දින අවත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කිරීමට මෙන්ම මීට අදාළ දැඩි තීන්දු හීරන කිහිපයක් ගැනීමට නියමිත බවද වාර්තවේ.

ශාඛා සංවිධාන පිහිටුවීම පිලිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මේ වනවිට එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ලබාගෙන ඇති බවටද පක්ෂයේ අමාත්‍යවරයකු අප වෙත සඳහන් කළේය .