උමංග බණ්ඩාර |
රට පුරා විවිධ ප‍්‍රදේශයන්හි විටින් විට විදුලි බිද වැටීම් ඇති විය හැකි බව විදුලි බල අමාත්‍යංශය සදහන් කරයි. නොරොච්චෝල් බලාගාරයේ එක් විදුලි උත්පාදන යන්ත‍්‍රයක් අද දහවල් බිද වැටීම නිසා පද්ධතිය සමතුලිත කිරීම සදහා මෙම ක‍්‍රියාමාර්ග ගැනෙන බවද අමාත්‍යංශය කියයි.
තාක්‍ෂණික දෝෂයක් නිසා බිද වැටුනු විදුලි උත්පාදන යන්ත‍්‍රය යථා තත්වයට පත් කරන තෙක් මෙම තත්වය ඇති විය හැකි බවත් ඉක්මනින්ම යථා තත්වයට පත්වනු ඇති බවත් ඔහු කියා සිටී.