නවතම පුවත්

ලෝකෙම පිළිගත් රුසියානු සරසවි 3ක් ඉවත් කිරීම වෛද්‍ය සභාවේ අත්වැරැද්දක් ලු

අසංක

අසංක

රුසියානු වෛද්‍ය විශ්ව විද්‍යාල තුනකින් පිරිනමන වෛද්‍ය විද්‍යා උපාධිය මෙරට ශ්‍රී ලංකා වෛද්‍ය සභා වෙබ් අඩවියේ අනුමත ලැයිස්තුවෙන් ඉවත්ව ඇතැයි පළවීම අත්වැරැද්දකින් සිදු වූවක් බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා පවසා තිබේ.

ඒ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වෙත මේ පිළිබඳ ප්‍රකාශයක් ලබාදෙමිනි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතාගේ ප්‍රකාශය පහත දැක්වේ.

“කමිටියෙන් තමයි ඒක බලන්නේ. ඒක මේ පාර බලනකොට රිපෝර්ට් වුණා විශ්වවිද්‍යාල තුනක නෙවෙයි හතක. එතැනදී ඒ රිපෝර්ට් අපි බැලුවේ නෑ අර රටෙන්ද? මේ රටෙන්ද? වෙන වෙන ප්‍රශ්න ඇති වෙයිද නැද්ද කියලා බැලුවේ නෑ. අර රිපෝර්ට් එක අනුවයි තීරණයක් ගත්තේ. ඊට පස්සේ ඒක එහෙම නිකම් අයින් කරන්ඩත් බෑ. කමිටිියෙන් තීරණය කරන්න ඕනේ. කමිටියෙන් තීරණය කරලා ඒක නැවත සම්මත වෙන්න ඕනේ ඊට පස්සේ මීටිමෙන්. ඊට පස්සේ කවුන්සිල් මීටින් එකට දාලා ඒකත් සම්මත වෙන්න ඕනේ.

දැන් ඊට පස්සේ ඇත්තටම විය යුතු දේ තමයි ඇමතිතුමියට ඒක යවන්න ඕනේ. අන්තිම තීරණය ඇමතිතුමියගේ තමයි තියෙන්නේ. දැන් මෙතෙන වුණේ අපි වැඩ කරන ඒ කියන්නේ කවුන්සිල් එකේ එක්කෙනෙක් නෙවෙයි. යම් කෙනෙක් එයාට වැරදීමකින් එයා හිතලා තියෙනවා දැන් මේක අයින් කෙරුවා හරි කියලා වෙබ් සයිට් එකෙන් නම් ටික අයින් කෙරුවා. එතකොට ඒ අයින් කරලා මේවා කරලා තියෙනවා. දැන් ඕක අපිට දැන ගත්ත නිසා දැන් නැවත වරක් නැවත වරක් මීටිමක් රැස් වෙන්න ඕනේ. රැස් වෙලා අපිට තීරණය කරන්න ඕනේ නම් ටික නැවත වරක් දාලා ඒ කරපු අසෙස්මන්ට් එක නැවත වරක් ආයෙමත් බලන්ඩ කියලා, සලකා බලන්ඩ කියලා මේක සුදුසුද නැද්ද කියලා. වැරදීමක් වෙලා තියෙන්නේ වෙබ් සයිට් එකෙන් නම අයින් කරපු එක.”

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් රුසියාවේ ප්‍රමුඛ රාජ්‍ය විශ්වවිද්‍යාල තුනක් සිය පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ගන්නා ලද තීරණය පිළිබඳ රුසියාවේ දැඩි අවධානය යොමුව ඇති බව මෙරට රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙම තීරණය ගෙන ඇත්තේ කිසිදු ආකාරයක පූර්ව දැනුම්දීමකින් තොරව වන බවද එම නිවේදනයේ දැක්වේ .

පසුගිය වසර කිහිපය මුළුල්ලේ ම, ශ්‍රී ලංකාවට පැමිණි මෙම සරසවිවල නියෝජිතයන් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අතර නිරන්තර සාකච්ඡා සිදු වී තිබියදීත්, වෛද්‍ය සභාවට එම විශ්වවිද්‍යාල මගින් ගෙවිය යුතු ගාස්තු ද ගෙවා තිබියදීත්, මෙම තීරණය ගැනීම ගැනද රුසියානු තානාපති කාර්යාලය මෙම නිවේදනය හරහා අවධානය යොමු කර ඇත

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මෙම තීරණය හේතුකොටගෙන, ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍යත්ව ලබාදීමේ ක්‍රියාවලිය ඇණහිටීමෙන්, ශ්‍රී ලාංකික සිසුන්ට ලැබෙන මාහැඟි අවස්ථාවක් අහිමි වීම සිදු නොවනු ඇතැයි රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය බලාපොරොත්තුව වන බවද එම නිවේදනයේ දැක්වේ .

රුසියාවේ ප්‍රමුඛ රාජ්‍ය විශ්වවිද්‍යාල තුනක් වන මහජන මිත්‍රත්ව සරසවිය (කලින් ලුමුම්බා සරසවිය නමින් හඳුන්වන ලද), පිරගොෆ් රුසියානු ජාතික පර්යේෂණ වෛද්‍යවිද්‍යා සරසවිය සහ ත්වේර් රාජ්‍ය වෛද්‍යවිද්‍යා සරසවිය සිය පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පසුගියදා පියවර ගෙන ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි