රැකියා නැති පුද්ගලයන්ගේ සියදිවි හානිකරගැනීම් ඉහළට

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ/ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකාවේ සියදිවි නසාගන්නා ලද පුද්ගලයන්ගෙන් 1/3ක්ම රැකියා විරහිත අය බවට අනාවරණය වෙයි.

පොලිස් මූලස්ථානයේ දත්ත පිරික්සා බැලීමේදී මේ බව හෙළිවී තිබේ.

පසුගිය වසරේදී සියදිවි නසාගන්නා ලද පුද්ගලයන් 3281 දෙනාගෙන් 1155ක්ම රැකියාවක් නොමැති පුද්ගලයන් ය.

ඊළගට වැඩිම පිරිසක් සිය දිවි හානි කරගෙන ඇත්තේ ධීවර, කෘෂිකර්ම ආදි ක්ෂේත්‍රවල සේවය කරන පුද්ගලයන් ය.

එම සංඛ්‍යාව 511ක් වන අතර අලෙවි සහයකයන්ගේ සියදිවි නසාගැනීම් ඉන්පසුව වැඩිම සංඛ්‍යාව වාර්තා කරයි.