අද සිට මන්තීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද දිනයේ සිටද මංතීරු නීතිය තදින්ම  ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.

ඒ අනුව දිනපතා උදෑසන 6.00 සිට පෙරවරු 9.00 දක්වාත් සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්වාත් මංතීරු නීතිය ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේය.

මංතීරු නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මංතීරු නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ අනතුරුවල අඩුවීමක් දක්නට ලැබුණ බවත් ඔහු සඳහන් කළේය.

අද දිනයේ පෞද්ගලික බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට තිබුනද එය අත්හැර දමා ඇති බවත් වාර්තා වේ.