ජාතික උත්සවවලටත් බතික් අන්ඳන්න දයාසිරි සැරසෙයි

Picture of අසංක

අසංක

වෙසක්, නත්තල්, ජාතික නිදහස් දිනය සහ අලූත් අවුරුද්ද වැනි වැදගත් ජාතික උත්සව සදහා බතික් හෝ අත්යන්ත‍්‍ර නිමි ඇදුම් භාවිත කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

ජාතික කොඩිය සහ බෞද්ධ කොඩියද බතික්වලින් නිර්මාණය කිරීම තුළින්ද බතික් කලාව ප‍්‍රචලික කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත අද පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන්සේවයටද බතික් ඇඳුම් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙම ක්ෂෙත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරි ගැන්වීම සිය රජයේ අපේක්‍ෂාව බවද ඔහු පැවසීය.