හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පාස්කු ප්රහාරය පිළිබඳ සොයාබැලීමේ ජනපති කොමිසමට පැමිණ තිබේ.
ඒ සාක්ෂි ලබාදීම නැරඹීම සඳහා බව වාර්තාවේ.
අද සාක්ෂි දීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොමිසමට පැමිණ ඇත.
පාස්කු ප්රහාරයට අදාළව සාක්ෂි ලබා දීමේදී මෛත්රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇතැම් සාක්ෂිකරුවන් විසින් මතභේදාත්මක කරුණු හෙළිකිරීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස සාක්ෂි නැරඹීමට පැමිණි බව වර්තා වේ.