විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත මැතිසබයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඉතා උණුසුම් මෙන්ම ඝෝෂාකාරීව කටයුතු සිදුකෙරෙන අතරතුර මැති සබය තුළට අසුන් ගැනීමට ආ ජාතික කොංග්‍රසයේ ඒ.එල්.එම්. අතාවුල්ලා මන්ත්‍රීවරයා මැතිසබයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
ඒ ඔහු ඇඳගෙන ආ ඇඳුම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනි වීම හේතුවෙනි.
කළු පැහැ අත් රහිත කබායක් සහ අළු පැහැ කමිසයක් සහ තරමකින් ඔහු පැමිණ සිටියේ ය.
ඉන් පසුව එහි නිලධාරීන් විසින් ඔහු මැති සබයෙන් ඉවත් විය යුතු බවට පැවසුව ද ඔහු දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.
අවසානයේ ඔහු ඊට එකඟවී මැතිසබේ ඉවත් විය.