නවතම පුවත්

ජනතාවගේ ගැටලු විසදන්න ජනපති ගමින් ගමට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටලු  ඝෘජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් දීම පිණිස ගමින් ගම චාරිකා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර තිබේ.

ජනතාව පීඩාවට පත්කරන ප්‍රශ්න සියැසින් දැක ඔවුන්ගේ දුක් ගැනවිලි  තමාම ශ්‍රවණය කොට නිවැරදි අවබෝධයක් ලබා ගනිමින් සහන සැලසීම එතුමාගේ අපේක්ෂාවයි.

ප්‍රථම චාරිකාව සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තෝරාගෙන ඇත. ජන හමුව හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න විද්‍යාලයේ දී ලබන සිකුරාදා (25) උදේ 10.00 ට ඇරඹේ.

ගම්බද ජනතාව බොහෝ කල් නොවිසඳී ඇති ආර්ථික හා සාමාජයීය ගැටලු නිසා දුෂ්කරතා පිරි ජීවිතයක් ගත කරන බව ජනාධිපතිතුමා ජනාධිපතිවරණ සහ මහමැතිවරණ සමයේ රට පුරාම පාහේ කළ චාරිකාවලදී පසක් විය. ජීවනෝපාය ගැටලු, ඉඩම් හා නිවාස හිඟය, ඉඩම්වලට නිරවුල් ඔප්පු නොතිබීම, සෞඛ්‍ය සහ ප්‍රවාහන සේවා ප්‍රමාණවත් නොවීම, දරුවන්ගේ අධ්‍යාපන ගැටලු  සහ පාසල් අඩු පාඩු, වගා සහ පානීය ජල හිඟය,  වනඅලි ගම්වැදීම, කෘෂි නිෂ්පාදන අළෙවි කර ගැනීමේ අපහසුව එසේ හඳුනාගත් ප්‍රශ්න අතර ප්‍රධාන තැනක් ගනී.

ගම්බද ජනතාවට ඇති දුෂ්කරතා අවබෝධ කොටගෙන ඒවා කඩිනමින් විසඳීමට සහය විය යුතු රාජ්‍ය ආයතනවල උදාසීනතාව සහ අකාර්යක්ෂමතාව තවත් මුල් පෙළේ ගැටලුවකි.

ජනාධිපතිතුමාගේ ග්‍රාම නිරීක්ෂණ චාරිකා සංවිධාන කෙරෙන්නේ ජනතාවට ප්‍රමුඛත්වය දෙමිනි. වැය කරන මුදල හැකි අවම මට්ටමේ තබා ගැනේ. නිලධාරී කණ්ඩායම් කොළඹින් ගෙන යන්නේ නැත. ජන ගැටලු  විසඳීමේ දී ප්‍රදේශයේ නිලධාරිහූ පමණක් සහභාගි කර ගැනෙති. ජන හමුවලට පැමිණ තමන්ට ඇති ප්‍රශ්න දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

ඉදිරිපත් වන ගැටලුවලට හැකි සෑම විටම එසැණ විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි. විසඳීමට කල්ගත වන ගැටලු පමණක් පසුව නිරාකරණය පිණිස සටහන් කොට ගනු ලැබේ.

සිකුරාදා නිරීක්ෂණ චාරිකාව සඳහා තෝරාගෙන ඇති හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 02කි. ඒවායේ පවුල් 222ක් පදිංචිව සිටිති. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී, ගම්මිරිස් සහ කුරුඳු වගාව හා හේන් ගොවිතැනයි. ජන හමුව පැවැත්වෙන කුමාරතැන්න විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව 17කි.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි